Thursday, May 17, 2012

Shooting Game එකක් හදමු - පලමු කොටස

                                  ඔක්කොම ගේම් නිර්මාණකරුවන්ට ආයුබෝවන් !


ඉස්සෙල්ල පෝස්ට් එකේ අපි ගේම් වල ඉතිහාසය ගැන කතා කෙරුවනෙ,
 කියන්නත් අමතක වුනා මම මේ බ්ලොග් එකෙන් ගොඩක් ගේම් වර්ග හදන හැටි ගැන කියන්න බලාපොරොත්තු වෙනව.

ඉතින් පටන්ගැනීමක් විදිහට අද ඉඳල මම කියල දෙන්න යන්නෙ ඉතාම ලේසියෙන් First Person Shooter ගේම් එකක් හදාගන්නෙ කොහොමද කියල.සිංහලෙන් කිව්වොත් උත්තම පුරුෂ පරිගණක ක්‍රීඩාවක් හදාගන්න හදාගන්න හැටි.
මේ වගේ ගේම් එකක විශේෂත්වය වෙන්නෙ ගේම් එකේ ප්‍රධාන චරිතයේ ඇස් දෙකෙන් දකින්දේ තමයි ක්‍රීඩකයා දකින්නෙ.ඉතින් අනිත් ගේම් වලට වඩා මේ වර්ගයේ ක්‍රීඩා ක්‍රීඩකයාට ගොඩක් සමීපයි.

 පලවෙනියෙන්ම FPS ගේම් එක්ක් විදිහට පැහැදිලිව හඳුනාගන්න පුලුවන් ගේම් එකක් වුනේ දෙවන ලෝක යුද්ධය ඇසුරින් හදපු Wolfenstein 3D ක්‍රීඩාවයි.අද වෙනකොට මේ  FPS ගේම් ගොඩක් ලෝකයේ නිර්මාණය වෙලා තියෙනවා.මෙම ක්‍රමය බහු පුද්ගල පරිගණක ක්‍රීඩා (multiplayer games) වලදී භාවිතා වෙනවා.
Wolfenstein 3D

ඉස්සෙල්ලම පොඩි කික් එකකටත් එක්ක අපි යන්නෙ ත්‍රිමාන FPS ගේම් එකක් හදන්න.මේ වගේ ගේම් එකක් හදනකොට අපිට මේ ගේම් එක අපිම C++,C#,VB,Lua වගේ භාෂාවකින් ප්‍රෝග්‍රෑම් කරල හදන්න පුලුවන්.ඒත් පලවෙනි පාඩමක් විදිහට ඒ වගේ බර වැඩක් කරනවට වඩා මම මේ පාඩමෙන් ගේම් සෑදීමටම වෙනත් සමාගම්,පුද්ගලයින් විසින් හදපු ගේම් එන්ජින් පාවිච්චි කරන්න යන්නෙ.


සරලව කිව්වොත් ගේම් එන්ජින් එකක් කියන්නෙ බොහෝ අවස්ථාවල ප්‍රෝග්‍රෑම් කිරීම් වලින් තොරව ගේම් එකක් හදන්න හදපු සොෆ්ට්වෙයාර් එකක්.ගොඩක් වාණිජව භාවිතා වෙන ගේම් හදන සමාගම් වල ගේම් එන්ජින් එක ප්‍රොග්‍රෑම් කරන්න වෙනම කණ්ඩායමකුත් ඒ එන්ජින් එකෙන් ගේම් එක ඩිසයින් කරන්න වෙනම කණ්ඩායමකුත් යොදාගනවා.එතකොට ඩිසයිනර්ස්ලට තම සම්පූර්ණ අවධානය ගේම් එකේ පරිසරය වගේ දේවල් වලට යොදාගන්න පුලුවන් වෙනවා.
උදාහරණායක් විදිහට මේ ටික බලන්නකො-
 en.wikipedia.org/wiki/Game_engine



ඉතින් මම මේ පාඩමට ගන්නෙ The Game Creators සමාගම නිර්මාණය කරපු FPS creator ගේම් එන්ජින් එක,නමේ හැටියටම මේක FPS ගේම් හදන්නම තමා නිර්මාණය කරල තියෙන්නෙ.මේක ඉතාමත්ම පහසුවෙන් ඉගෙනගන්න පුලුවන් ගේම් එන්ජින් එකක්.ඒ වගේම් මේක ලෝකයේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන නිසා ගේම් එකට ඕන උදව් ගොඩක් අන්තර්ජාලයෙන් ලබාගන්න පුලුවන්.සරල ඉන්ටර්ෆේස් එක,Gun,මෙනු,HUD,Standalone tools  වගේ දේවල් සොෆ්ට්වෙයාර් එකෙන්ම ලබාදෙන නිසා වැඩේ තවත් පහසුයි.

ඔයාලට www.thegamecreators.com වෙබ් අඩවියට ගිහිල්ල මේ මෘදුකාංගයේ අත් හදා බැලීමේ සංස්කරණයක් බාගන්න පුලුවන්.ඒ වගේම් FPS creator වලට අමතරව තවත් ගේම් එන්ජින් මෙමගින් ලබාගන්න පුලුවන්.හැබැයි මේ සංස්කරණයේදී ගේම් එකක් .exe(Standalone) විදිහට Build කරන්න බෑ ගේම් එක හදල අපිටම තමා ගහන්න වෙන්නෙ.Full version එක ගන්නනම් ටිකක් වියදම් කරන්න වෙනව.ඉතින් රුපියල් 2500න් ජිවත් වෙන අපිට කොහෙන්ද ඒවට සල්ලි.පුලුවන් එක්කෙනෙක් ඉන්නවනම් ඔරිජිනල් එක ගන්න.ඉතින් දුකින් හරි හොර කොපියක් ගන්න වෙනවා මෙන්න ලින්ක් එක.

Trial Version  - Fpsc demo
Full Version (හොර කොපිය) - Fpsc Torrent

 මම අලුත්ම version (x10) එකේ torrent එක තමයි දැම්මෙ ඒ කියන්නෙ DirectX 10 එක.හැබැයි මේක වින්ඩෝස් එක්ස්පී වල වැඩ කරන්නෙ නෑ.එක්ස්පී පාවිච්චි කරන කට්ටිය මෙතනින් පරණ version(x9) එක ගන්නකෝ.ඉතින් සාමාන්‍ය විදිහට මේවයින් එකක් බාගෙන,ඉන්ස්ටෝල් කරගෙන ඊලඟ පාඩමට ලෑස්ති වෙන්නකෝ.එහෙනම් මම යනවා.

ඔක්කොටම සුභ දවසක් !

 ඊලඟ පාඩමෙන් 
                       -  FPS creator වල ඉන්ටර්ෆේස් එක හඳුනාගමු.
                 

 









3 comments:

  1. niyamai malli suba paethum

    ReplyDelete
  2. සොලී වෙන්න ඕනි මම මේක නෙවෙයි බාගත්තේ අනික් පොස්ට් එකේ එක හිකිස්

    ReplyDelete