Wednesday, June 13, 2012

Shooting Game එකක් හදමු - තුන්වන කොටස

කට්ටිය ඔක්කොම ඉස්සෙල්ල ලිපියෙන් Fps creator වල ඉන්ටෆේස් එක ගැන ටිකක් දැනගත්තනෙ.ඉතින් අද මම කියල දෙන්න යන්නෙ ඒ tools භාවිතා කරල Level එකක් හදාගන්න හැටි ගැන...

LEVEL DESIGNING

ගේම් එකක් හැදීමෙදි තියෙන වැදගත්ම කොටසක් තමයි Level Designing කියන්නෙ.ගොඩක් ගේම් වල තාත්වික බව රැඳිල තියෙන්නෙ මේ ලෙවල් ඩිසයිනින්ග් මත තමයි.මොකද ක්‍රීඩකයින් දකින්නෙ මේකනෙ.
ඉතින් මේ පාඩම FPSC විතරක් නෙවෙයි,අනිත් ගේම් වලටත් වැදගත් වෙනවා. පරිසරය නිර්මාණය,ක්‍රීඩකයාට කිරීමට තියෙන දේ (objectives),හමුවන චරිත වගේ ගොඩක් දේවල් නිර්මාණය කිරීම මේකට අයිතියි.

 මම දැකල තියෙන FPS creator වලින් හදපු හොඳම ලෙවල් ඩිසයිනින් තියෙන ගේම් එක තමයි Alpha Project කියන ගේම් එක.



විඩියෝ එක බැලුවනෙ ඉතින් අපි පාඩමට බහිමුකෝ.

ඉස්සෙල්ලම අපි හදන්න යන ගේම් එකට හොඳ කතාවක් හදාගන්න ඕන.
උදාහරණෙකට මෙහෙම ගමුකෝ...

"ඔන්න සිංහරාජ වනාන්තරේ රහස් පරීක්සන කරන විද්‍යාගාරයක් තියෙනව.දවසක් එක පරීක්සනයක් වැරදිල අනතුරුදායක වෛරස් එකක් හැදෙනව.ඉතින් පරීක්සනාගරේ ඉන්න ගොඩක් දෙනෙක්ට මේක හැදිල ඒගොල්ලො විකෘති මිනිස්සු (zombies) බවට පත් වෙනව.මේක දැන් ලංකාවටම පැතිරෙන්න පුලුවන් !
න්න ගේම් එකේ වීරය,ප්‍රධාන චරිතෙ තමයි සිරිපාල.මිනිහ මේ ආයතනේ ආරක්ෂක නිලධාරියෙක්!."

ඕං අපේ ගේම් එකේ කෙටි කතාව.දැන් ඉතින් මේක ගේම් එකක්නෙ, ඉතින් ඒකෙ කරන්න දෙයක් තියෙන්න එපායැ. ඉතින් දැන් සිරිපාලට තියෙන්නෙ පරීක්සනාගාරෙ පුපුරවල ඉතුරුවෙලා ඉන්න කස්ටිය ටිකත් එක්ක එතනින් පැනල යන එක.ඉතින් මේ ගේම් එකේ බැලුවහම objectives දෙකක් තියෙනවනෙ.

1) වයිරස් එක හැදුනෙ නැති කට්ටියව බේරගන්න එක.
2)පරීක්සනාගාරෙ පුපුරවන එක.

Objctives


 දැන් අපි මේ objctives දෙකට ගැලපෙන්න ගේම් එක ඩිසයින් කරන්න ඕන.මේ දෙක කරාම ගේම් එකෙන් දිනන්නත් ඕන.දැන්  අපි මෙහෙම මේ objctives සපුරාගන්න විදිය බලමුකො.

1) වයිරස් එක හැදුනෙ නැති කට්ටියව බේරගන්න එක - බේරුනු කස්ටියට යන්න පුලුවන් විදියට Emergency Exit එකේ දොර  ඇරීම.
2)පරීක්සනාගාරෙ පුපුරවන එක - පරික්සනාගාරෙ තියෙන බෝම්බයේ සුවිච් එක හොයාගෙන ඒක ඔන් කිරීම.

අනික මේ අතරෙ අපිව කන්න බලාගෙන ඉන්න  Zombiesලා ගෙන් බේරී සිටීම.( උන්ට හොරා අපේ වැඩේ කරගැනීම හෝ උන්ට වෙඩි තැබීම ).

හරි,  කතාව ගානට ආවද ? හිහ්....

දැන් අපි බලමු මේ ලෙවල් එකට ඕන වෙන දේවල් ( අවශ්‍ය ද්‍රව්‍ය... )

 අපි මෙතනදි ආරම්භක පාඩමක් නිසා FPSC සමගම ලැබෙන(stock media) Objects,characters  භාවිතා කරමු !


1)විද්‍යාගාර ගොඩනැගිල්ලක් - FPS creator වල මේකට ගැලපෙන ලැබ් දෙකක් තියෙනව.
Library එකේ prefabs  වල add new prefab ගියාම දැකගන්න පුලුවන්.
ගේම් එක තුලදී...

මේ දෙකට අමතරව  එතනම තියෙන තව  Armoury හා Cellur වගේ  prefab නුත් මේකට යොදාගන්න පුලුවන්.

 2)Zombiesලා කිහිපදෙනෙක්. - FPSC වල ඉන්නව මේකට නියමෙට ගැලපෙන එවුන් ටිකක් (entities > scifi > characters > zombies )
ගේම් එක තුලදී...


3)සාමාන්‍ය කට්ටිය 4-5ක් (විද්‍යාගාරයේ ඉතුරුවෙලා ඉන්න කිහිපදෙනාට ) -
මේ තමයි අපිට බේරගන්න තියෙන කට්ටිය.මේ කස්ටිය ඉන්නෙ Entities > scifi >  characters > වල Aiko(unarmed)  හා ColonelX(unarmed)
ගේම් එක තුලදී...

4) Emergency Exit එකේ දොර - මේකට ගැලපෙන දොරක් තියෙනව segments>scifi>scenery> වල.
 එකක් නෙමෙයි ගොඩක්. තියෙනවා.
ගේම් එක තුලදී...

5)බෝම්බයේ සුව්ච් එක. - සුවිච් ගොඩක් තියෙනවා Entities > scifi > Wall furniture වල
ගේම් එක තුලදී...
 
6)ආරක්සා වීමට තුවක්කුවක් ! - මේවත් ගොඩක් තියෙනව.

 7)මේස,පුටු,කොම්පූටර්,ෆෑන් වල මොඩල්- පරිසරය අලංකාර කිරීමට.


 8)කතාවට ගැලපෙන වීඩියෝ ටිකක්. (කැමතිනම් පමණක් )


ඉතින් ඔන්න අපේ ගේම් එක හදන එකේ තව පියවරක් ඉවරයි ! ඊලඟ පෝස්ට් එකේ අපි මේවා එකට එකතුකරල ගේම් එකේ ලෙවල් ඩිසයිනින් කොටස ඉවර කරමු.




ඔක්කොටම ආයුබෝවන් !




Saturday, June 9, 2012

Shooting Game එකක් හදමු - දෙවන කොටස

ඉස්සෙල්ල පෝස්ට් එකේදි  මම FPS ගේම් හදන එක ගැන හැඳින්වීමක් දුන්න.ඒ වගේම ලේසියෙන් ගේම් හදන්න පුලුවන් FPS creator මෘදුකාංගයත් දුන්න.ඉතින් අද මම කියල දෙන්න යන්නෙ මේ FPSC වල Basics ටිකක්.
 මම හිතනව මේ බ්ලොග් එක බලපු කවුරු කවුරුත් Fpsc Download කරගෙන ඉන්ස්ටෝල් කරගෙන ඇති කියල.මොකද ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයිනෙ.ඉතින් මම කෙලින්ම පාඩමට බහින්නම්.
ඉස්සෙල්ලම අපි ඉන්ටර්ෆේස් එක ගැන පොඩ්ඩක් දැනගමුකො,
 පහල තියෙන පින්තූරෙ මම FPSC වින්ඩෝවෙ විශේෂ තැන් දක්වල තියේනව.


(1)Standard Toolbar -මේ ටිකනම් සාමාන්‍ය සොෆ්ට්වෙයාර් එකක වගේ file,save,etc තියෙනව ඒ වගේම ගේම් එක ටෙස්ට් කරන බට්න් එකත් මෙතන තමයි තියෙන්නෙ.මම මේවයෙ එකින් එක ගැන ටිකකින් කියල දෙන්නම්.

(2) මෙතන තමයි ගේම් එකේ Library එක තියෙන්නෙ.ගේම් එකට ඕන ඔබ්ජෙක්ට් වගේ දේවල් තියෙන්නෙත් මෙතන.

(3)මෙතන තමයි අපි ගේම් එක හදන්න ඕන(workspace).අපේ ලේසි‍යට මේක නිකන් ඛණ්ඩාංක තලයක් විදිහට තමයි හදල තියෙන්නෙ.

(4) මේක තමයි කර්සර් එක.වැඩි විස්තර පස්සෙ කියන්නම්කො.

හරි දැන් ඔයාලට ඉන්ටර්ෆේස් එක ගැන පොඩි අදහසක් තියෙනවනෙ.මෙතන තියෙන ගොඩක් දේවල්(save,save as,open) අනෙක් සාමාන්‍ය Software එකක තියෙන දේවල් වලට සමානයි.ඉතින් ඒව ගැන විශේෂයෙන් කියන්න යන්නෙ නෑ.

ඉතින්  මම පාඩමේ ඉතුරු ටික පොඩි (පොඩි කිව්වට පොඩිම නෑ !) video එකකින් පැහැදිලි කරල දෙන්නම්.නැත්නම් කොටල කොටල මගේ අතට මොනවහරි වෙයි.කස්ටිය තරහ වෙන්න එපා....





ඔන්න... Fps Creator ගැන දැනගන්න ඕන මූලික දේවල් දැනගත්තනෙ.ටිකක් විතර කලබලේට වීඩියෝ එක කරපු එකට සමාවෙන්න.
ආ කියන්න අමතක වුනා, ගොඩක් දෙනෙක් අර FPSC සෙටප් ෆයිල් එක ලොකු වැඩියි කියල (1GB)කිව්වා.ඉතින් එකේ අත් හදාබැලීමේ සංස්කරණය(trial version) 122MB විතර තමයි වෙන්නෙ.ඉතින් ඒකෙ ලොකු වෙනසක් නෑ... ඒකට Serial එක දාල ඇක්ටිවේට් කරගන්න පුලුවන් වෙයි මෙන්න ඒ Serial Key ටික.
 Fpsc x9 serial -    00V100030031232e
 Fpsc x10 serial -  0x100000140429b3

ඊලඟ පාඩමේදි අපි FPSC ගැන තවත් විශේෂ දේවල් ටිකක් ගැන ඉගෙනගනිමු.



ඉතින් ඔක්කොටම ආයුබෝවන් !


Thursday, May 17, 2012

Shooting Game එකක් හදමු - පලමු කොටස

                                  ඔක්කොම ගේම් නිර්මාණකරුවන්ට ආයුබෝවන් !


ඉස්සෙල්ල පෝස්ට් එකේ අපි ගේම් වල ඉතිහාසය ගැන කතා කෙරුවනෙ,
 කියන්නත් අමතක වුනා මම මේ බ්ලොග් එකෙන් ගොඩක් ගේම් වර්ග හදන හැටි ගැන කියන්න බලාපොරොත්තු වෙනව.

ඉතින් පටන්ගැනීමක් විදිහට අද ඉඳල මම කියල දෙන්න යන්නෙ ඉතාම ලේසියෙන් First Person Shooter ගේම් එකක් හදාගන්නෙ කොහොමද කියල.සිංහලෙන් කිව්වොත් උත්තම පුරුෂ පරිගණක ක්‍රීඩාවක් හදාගන්න හදාගන්න හැටි.
මේ වගේ ගේම් එකක විශේෂත්වය වෙන්නෙ ගේම් එකේ ප්‍රධාන චරිතයේ ඇස් දෙකෙන් දකින්දේ තමයි ක්‍රීඩකයා දකින්නෙ.ඉතින් අනිත් ගේම් වලට වඩා මේ වර්ගයේ ක්‍රීඩා ක්‍රීඩකයාට ගොඩක් සමීපයි.

 පලවෙනියෙන්ම FPS ගේම් එක්ක් විදිහට පැහැදිලිව හඳුනාගන්න පුලුවන් ගේම් එකක් වුනේ දෙවන ලෝක යුද්ධය ඇසුරින් හදපු Wolfenstein 3D ක්‍රීඩාවයි.අද වෙනකොට මේ  FPS ගේම් ගොඩක් ලෝකයේ නිර්මාණය වෙලා තියෙනවා.මෙම ක්‍රමය බහු පුද්ගල පරිගණක ක්‍රීඩා (multiplayer games) වලදී භාවිතා වෙනවා.
Wolfenstein 3D

ඉස්සෙල්ලම පොඩි කික් එකකටත් එක්ක අපි යන්නෙ ත්‍රිමාන FPS ගේම් එකක් හදන්න.මේ වගේ ගේම් එකක් හදනකොට අපිට මේ ගේම් එක අපිම C++,C#,VB,Lua වගේ භාෂාවකින් ප්‍රෝග්‍රෑම් කරල හදන්න පුලුවන්.ඒත් පලවෙනි පාඩමක් විදිහට ඒ වගේ බර වැඩක් කරනවට වඩා මම මේ පාඩමෙන් ගේම් සෑදීමටම වෙනත් සමාගම්,පුද්ගලයින් විසින් හදපු ගේම් එන්ජින් පාවිච්චි කරන්න යන්නෙ.


සරලව කිව්වොත් ගේම් එන්ජින් එකක් කියන්නෙ බොහෝ අවස්ථාවල ප්‍රෝග්‍රෑම් කිරීම් වලින් තොරව ගේම් එකක් හදන්න හදපු සොෆ්ට්වෙයාර් එකක්.ගොඩක් වාණිජව භාවිතා වෙන ගේම් හදන සමාගම් වල ගේම් එන්ජින් එක ප්‍රොග්‍රෑම් කරන්න වෙනම කණ්ඩායමකුත් ඒ එන්ජින් එකෙන් ගේම් එක ඩිසයින් කරන්න වෙනම කණ්ඩායමකුත් යොදාගනවා.එතකොට ඩිසයිනර්ස්ලට තම සම්පූර්ණ අවධානය ගේම් එකේ පරිසරය වගේ දේවල් වලට යොදාගන්න පුලුවන් වෙනවා.
උදාහරණායක් විදිහට මේ ටික බලන්නකො-
 en.wikipedia.org/wiki/Game_engine



ඉතින් මම මේ පාඩමට ගන්නෙ The Game Creators සමාගම නිර්මාණය කරපු FPS creator ගේම් එන්ජින් එක,නමේ හැටියටම මේක FPS ගේම් හදන්නම තමා නිර්මාණය කරල තියෙන්නෙ.මේක ඉතාමත්ම පහසුවෙන් ඉගෙනගන්න පුලුවන් ගේම් එන්ජින් එකක්.ඒ වගේම් මේක ලෝකයේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන නිසා ගේම් එකට ඕන උදව් ගොඩක් අන්තර්ජාලයෙන් ලබාගන්න පුලුවන්.සරල ඉන්ටර්ෆේස් එක,Gun,මෙනු,HUD,Standalone tools  වගේ දේවල් සොෆ්ට්වෙයාර් එකෙන්ම ලබාදෙන නිසා වැඩේ තවත් පහසුයි.

ඔයාලට www.thegamecreators.com වෙබ් අඩවියට ගිහිල්ල මේ මෘදුකාංගයේ අත් හදා බැලීමේ සංස්කරණයක් බාගන්න පුලුවන්.ඒ වගේම් FPS creator වලට අමතරව තවත් ගේම් එන්ජින් මෙමගින් ලබාගන්න පුලුවන්.හැබැයි මේ සංස්කරණයේදී ගේම් එකක් .exe(Standalone) විදිහට Build කරන්න බෑ ගේම් එක හදල අපිටම තමා ගහන්න වෙන්නෙ.Full version එක ගන්නනම් ටිකක් වියදම් කරන්න වෙනව.ඉතින් රුපියල් 2500න් ජිවත් වෙන අපිට කොහෙන්ද ඒවට සල්ලි.පුලුවන් එක්කෙනෙක් ඉන්නවනම් ඔරිජිනල් එක ගන්න.ඉතින් දුකින් හරි හොර කොපියක් ගන්න වෙනවා මෙන්න ලින්ක් එක.

Trial Version  - Fpsc demo
Full Version (හොර කොපිය) - Fpsc Torrent

 මම අලුත්ම version (x10) එකේ torrent එක තමයි දැම්මෙ ඒ කියන්නෙ DirectX 10 එක.හැබැයි මේක වින්ඩෝස් එක්ස්පී වල වැඩ කරන්නෙ නෑ.එක්ස්පී පාවිච්චි කරන කට්ටිය මෙතනින් පරණ version(x9) එක ගන්නකෝ.ඉතින් සාමාන්‍ය විදිහට මේවයින් එකක් බාගෙන,ඉන්ස්ටෝල් කරගෙන ඊලඟ පාඩමට ලෑස්ති වෙන්නකෝ.එහෙනම් මම යනවා.

ඔක්කොටම සුභ දවසක් !

 ඊලඟ පාඩමෙන් 
                       -  FPS creator වල ඉන්ටර්ෆේස් එක හඳුනාගමු.
                 

 









Sunday, May 13, 2012

එහෙනම් අපි Game Develping පටාන්ගමු !

 ඔක්කෝටම ඉතින් ආයුබෝවන් ! මම රුවන්ත පුෂ්පික.

 කවුරු කවුරුත් කොම්පියුටර් ගේම්ස් ගහල ඇතිනෙ.නිකමටවත් ඔය ගේම් ගහන අතරෙ ගේම් එකක් හදන්න හිතිල නැද්ද ? එහෙම හිතුනනම් අපිත් එක්ක අද ඉඳන් මේ පාඩම් මාලාවත් එක්ක එකතු වෙන්න මම ආරාධනා කරනව.
මේ ගේම් හැදිල්ලත් එක්තරා කලාවක් කිව්වොත් නිවැරදියි.වැඩේට බහින්න ඉස්සෙල්ල මේ කලාවෙ ඉතිහාසය ගැන කියන්න තමයි දැන් මම හදන්නෙ..මොකද ඔනම වැඩකට බහින්න ඉස්සෙල්ල ඒකෙ ඉතිහාසය දැන ගන්න එක වටිනව.ඉතිහාසයෙන් තොර වර්තමානයක් නැහැ කියල කතාවකුත් තියෙනවනෙ.මේ කොම්පියුටර් ගේම් වලටත් දැනට අවුරුදු 50ක විතර ඉතිහාසයක් තියෙනව.

මේ ඔක්කොම පටන්ගත්තෙ 1972 දි විතර.ඒකාලෙ සිලිකන් වැලී වල හිටපු නෝලන් බුෂ්නල් කියල අවුරුදු 28 විතර තරුණයෙක්(දැන්නම් වයසයි )මේ ඉන්නෙ එයා.
Nolan Bushnell
මෙයා ඩොලර් 500 එකතු කරගෙන මේ ගේම් හදන්න ආයතනයක් පටන්ගත්තා. ඒකෙ නම උනේ Atari.ගොඩක් කට්ටියට මේ නම මතකත් ඇති.මේකෙ පලවෙනි ගේම් නිර්මාණ ශිල්පිය වුනේ A.l ඇල්කොන් කියල විදුලි ඉංජිනේරුවෙක්.
A.L Alcon


Pong Game Cabinet
  කොහොමහරි මේ දෙන්න එකතු වෙලා ගේම් එකකුත් ඒක ගහන්න පුලුවන් විදියට හදපු Game console එකකුත් හදාගත්ත.ඒ ගේම් එක තමයි Pong.
1st PONG game
  

                     කොහොම හරි ගේම් එක හැදුව කියමුකො.දැන් මේකට වියදම් කරපු සල්ලිවලට හරියන්න කීයක් හරි උපයන්න ඕනනෙ.ඒත් ඒ කාලෙ හිටපු කට්ටිය ගේම් ගහල හිටියෙ නැති නිසා මේ දෙන්නට මේක ලෝකයට ඉදිරිපත් කරන්න පොඩි බයක් තිබුන.ඉතින් මේ ගේම් එක ඇත්තටම ජනප්‍රිය වෙයිද කියල බලන්න මේ දෙන්න පොඩි සමීක්ෂනයක් කලා.ලඟම තිබුනු අවන්හලක මේ පොන්ග් මැෂින් එකක් හයිකරල ඒකට Coin box එකකුත් සවිකලා.                               
    ඊට පස්සෙ දෙන්න පැත්තකට වෙලා මොකද වෙන්නෙ කියල බලන් හිටිය.එක්කෙනා මේ අමුතු යන්තරේ ගාවට කිට්ටු වුනා.හවස් වෙනකොට මැෂින් එක ගාව මාර සෙනගක්.පස්සෙ දවසෙ බලනකොට අර සල්ලි දාන්න හදපු පෙට්ටිය සල්ලි වලින් පිරිල.ඉතින් ආයෙ කියන්න දෙයක් නැහැනෙ,මේක බුෂ්නල්ටත් ඇල්කොන්ටත් සල්ලි උල්පතක් වුනා. ඉතින් මේ කට්ටිය තව සමාගමට සේවකයන් බඳවාගෙන දවසකට පොන්ග් මැෂින් 100 හදන තත්වයට ආව.ආටාරි හා පොන්ග් ලෝකය පුරාම ජනප්‍රිය වුනා.පස්සෙ මේ පොන්ග් ගේම් සෙට් එක කුඩා කරල නිවෙස්වලට හඳුන්වලා දුන්නා. මේ කාලෙ අටාරි සමාගම තවත් අලුත් ගේම් ගොඩක් හඳුන්වලා දුන්නා.
Atari TELE GAMES
හැබැයි මේ ගේම් වලට ඇබ්බැහිවුනු තරුණයන්,ළමයින් මේ ගේම් ආකේඩ් වල නිතරම කාලය ගතකරන්න ගත්තා.ඔවුන්ගේ කාලය,සල්ලි නාස්තිය එන්න එන්නම වැඩිවුනා.දේශපාලඥයන්ගෙන්,ගුරුවරුන්ගෙන්,දෙමවුපියන්ගෙන් මේ විඩියෝ ගේම් වලට දැඩි විරෝධයක් එල්ල වෙන්න ගත්තා.
අටාරි සමාගම මේකට පිළියමක් විදිහට VCS නැත්නම් Video Computer System හඳුන්වලා දුන්නා.මේක ගෙදර ටී.වී එකට සවිකරල ගේම් ගහන විදිහට හදල තිබුනා.ඒකට ගේම් ආවෙ කාට්‍රිජ් වල.ඕන ගේම් එකෙ කාට්‍රිජ් එක මේ VCS එකට දාල තමයි ගේම් ගහන්න පුලුවන් වුනේ.මේ නිසා එකම යන්ත්‍රයකින්,ගේම් බොහොමයක්  දෙමාපියන්ගෙ අධීක්ෂනය යටතේ ක්‍රීඩා කරන්න හැකිවුනා.
Atari VCS
මේ විදියට අටාරි සමාගමේ ආදායම බිලියන ගනනකින් වැඩිවුනා.නමුත් කාල‍යකට පස්සෙ අටාරි සමාගම Werner Entertainment සමාගමට විකුණා දැමීමෙන් පස්සෙ සමාගම අභාවයට ගියා.ඒ දවස්වල ඒ සමාගමෙන් අස්වුන මුල් සේවකයන් කිහිපදෙනෙක් තමා අද ඉතා ජනප්‍රිය ACTIVISION සමාගම හැදුවෙ.

මේක තමයි ලෝකෙ පලවෙනි ගේම් කොම්පැනියෙ කතාව.තවත් මේ ගේම් ගැන රසවත් කතා ගොඩක් තියෙනවා.ඒත් ආපු වැඩේට බහින්න එපා‍යැ.ඒත් ගේම් ගැන කිව්වහම නම් අමතක කරන්න බැරි කිහිපදෙනෙක් ඉන්නව.
මම එයාල ගැනත් මතක්කරන්නම්.

රැල්ෆ් බෙයාර් - අටාරි ඉස්සෙල්ලම වානිජ වශයෙන් ගේම් එකක් හැදුවට පලවෙනි ගේම් එක හදල තියෙන්නෙ මේ නිර්මාණකරු.

ඔලිවර් හා ඩර්ලින් සහෝදරයන් -පොඩිකාලෙදිම යුරෝපයේ පලමුවෙන්ම වගේ පරිගණක ක්‍රීඩා නිර්මාණය කරපු සහෝදරයින් හතරදෙනෙක්.මෙයාල තමයි  ප්‍රසිද්ධ Codemasters ආයතනය හැදුවෙ (IGI එහෙම හදපු සමාගම ) 
Darlin Bros.
Oliver Bros

ෂිගෙරු මියෙමාටො -  අදටත් ප්‍රසිද්ධ නින්ටෙන්ඩෝ සමාගමට ලොකයේ වැඩිපුරම ජනප්‍රිය ගේම් වුන මාරියෝ , ඩොන්කි කොන්ග් , ලෙජන්ඩ් ඔෆ් සෙල්ඩා හදපු නිර්මාණකරු මොහු තමයි.
 ඉතින් මේ වගේ ගොඩක් දෙනෙක්ගේ වෙහෙස මහන්සියෙන් තමා පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රය අද තියෙන මට්ටමට ගේන්න පුලුවන් වෙලා තියෙන්න.අද වෙනකොට මේ ක්ෂෙත්‍රය ලබල තියෙන දියුනුව අමුතුවෙන් කියන්න ඕන නැහනෙ.

 
ඉතින්, අදට මේ පෝස්ට් එක නිමකරනවා කියවපු ඔයාලට බොහොම ස්තුතියි.ඊලඟ පෝස්ට් එකෙන් අපි පාඩම් මාලාව පටන් ගමු !