කවුරු කවුරුත් කොම්පියුටර් ගේම්ස් ගහල ඇතිනෙ.නිකමටවත් ඔය ගේම් ගහන අතරෙ ගේම් එකක් හදන්න හිතිල නැද්ද ? එහෙම හිතුනනම් අපිත් එක්ක අද ඉඳන් මේ පාඩම් මාලාවත් එක්ක එකතු වෙන්න මම ආරාධනා කරනව.
මේ ගේම් හැදිල්ලත් එක්තරා කලාවක් කිව්වොත් නිවැරදියි.වැඩේට බහින්න ඉස්සෙල්ල මේ කලාවෙ ඉතිහාසය ගැන කියන්න තමයි දැන් මම හදන්නෙ..මොකද ඔනම වැඩකට බහින්න ඉස්සෙල්ල ඒකෙ ඉතිහාසය දැන ගන්න එක වටිනව.ඉතිහාසයෙන් තොර වර්තමානයක් නැහැ කියල කතාවකුත් තියෙනවනෙ.මේ කොම්පියුටර් ගේම් වලටත් දැනට අවුරුදු 50ක විතර ඉතිහාසයක් තියෙනව.
මේ ඔක්කොම පටන්ගත්තෙ 1972 දි විතර.ඒකාලෙ සිලිකන් වැලී වල හිටපු නෝලන් බුෂ්නල් කියල අවුරුදු 28 විතර තරුණයෙක්(දැන්නම් වයසයි )මේ ඉන්නෙ එයා.
![]() |
Nolan Bushnell |
![]() | ||
A.L Alcon |
![]() |
Pong Game Cabinet |
![]() |
1st PONG game |
කොහොම හරි ගේම් එක හැදුව කියමුකො.දැන් මේකට වියදම් කරපු සල්ලිවලට හරියන්න කීයක් හරි උපයන්න ඕනනෙ.ඒත් ඒ කාලෙ හිටපු කට්ටිය ගේම් ගහල හිටියෙ නැති නිසා මේ දෙන්නට මේක ලෝකයට ඉදිරිපත් කරන්න පොඩි බයක් තිබුන.ඉතින් මේ ගේම් එක ඇත්තටම ජනප්‍රිය වෙයිද කියල බලන්න මේ දෙන්න පොඩි සමීක්ෂනයක් කලා.ලඟම තිබුනු අවන්හලක මේ පොන්ග් මැෂින් එකක් හයිකරල ඒකට Coin box එකකුත් සවිකලා.
ඊට පස්සෙ දෙන්න පැත්තකට වෙලා මොකද වෙන්නෙ කියල බලන් හිටිය.එක්කෙනා මේ අමුතු යන්තරේ ගාවට කිට්ටු වුනා.හවස් වෙනකොට මැෂින් එක ගාව මාර සෙනගක්.පස්සෙ දවසෙ බලනකොට අර සල්ලි දාන්න හදපු පෙට්ටිය සල්ලි වලින් පිරිල.ඉතින් ආයෙ කියන්න දෙයක් නැහැනෙ,මේක බුෂ්නල්ටත් ඇල්කොන්ටත් සල්ලි උල්පතක් වුනා. ඉතින් මේ කට්ටිය තව සමාගමට සේවකයන් බඳවාගෙන දවසකට පොන්ග් මැෂින් 100 හදන තත්වයට ආව.ආටාරි හා පොන්ග් ලෝකය පුරාම ජනප්‍රිය වුනා.පස්සෙ මේ පොන්ග් ගේම් සෙට් එක කුඩා කරල නිවෙස්වලට හඳුන්වලා දුන්නා. මේ කාලෙ අටාරි සමාගම තවත් අලුත් ගේම් ගොඩක් හඳුන්වලා දුන්නා.
![]() |
Atari TELE GAMES |
අටාරි සමාගම මේකට පිළියමක් විදිහට VCS නැත්නම් Video Computer System හඳුන්වලා දුන්නා.මේක ගෙදර ටී.වී එකට සවිකරල ගේම් ගහන විදිහට හදල තිබුනා.ඒකට ගේම් ආවෙ කාට්‍රිජ් වල.ඕන ගේම් එකෙ කාට්‍රිජ් එක මේ VCS එකට දාල තමයි ගේම් ගහන්න පුලුවන් වුනේ.මේ නිසා එකම යන්ත්‍රයකින්,ගේම් බොහොමයක් දෙමාපියන්ගෙ අධීක්ෂනය යටතේ ක්‍රීඩා කරන්න හැකිවුනා.
![]() |
Atari VCS |
මේක තමයි ලෝකෙ පලවෙනි ගේම් කොම්පැනියෙ කතාව.තවත් මේ ගේම් ගැන රසවත් කතා ගොඩක් තියෙනවා.ඒත් ආපු වැඩේට බහින්න එපායැ.ඒත් ගේම් ගැන කිව්වහම නම් අමතක කරන්න බැරි කිහිපදෙනෙක් ඉන්නව.
මම එයාල ගැනත් මතක්කරන්නම්.
රැල්ෆ් බෙයාර් - අටාරි ඉස්සෙල්ලම වානිජ වශයෙන් ගේම් එකක් හැදුවට පලවෙනි ගේම් එක හදල තියෙන්නෙ මේ නිර්මාණකරු.
ඔලිවර් හා ඩර්ලින් සහෝදරයන් -පොඩිකාලෙදිම යුරෝපයේ පලමුවෙන්ම වගේ පරිගණක ක්‍රීඩා නිර්මාණය කරපු සහෝදරයින් හතරදෙනෙක්.මෙයාල තමයි ප්‍රසිද්ධ Codemasters ආයතනය හැදුවෙ (IGI එහෙම හදපු සමාගම )
![]() |
Darlin Bros. |
![]() |
Oliver Bros |
ෂිගෙරු මියෙමාටො - අදටත් ප්‍රසිද්ධ නින්ටෙන්ඩෝ සමාගමට ලොකයේ වැඩිපුරම ජනප්‍රිය ගේම් වුන මාරියෝ , ඩොන්කි කොන්ග් , ලෙජන්ඩ් ඔෆ් සෙල්ඩා හදපු නිර්මාණකරු මොහු තමයි.
ඉතින් මේ වගේ ගොඩක් දෙනෙක්ගේ වෙහෙස මහන්සියෙන් තමා පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රය අද තියෙන මට්ටමට ගේන්න පුලුවන් වෙලා තියෙන්න.අද වෙනකොට මේ ක්ෂෙත්‍රය ලබල තියෙන දියුනුව අමුතුවෙන් කියන්න ඕන නැහනෙ.
ඉතින්, අදට මේ පෝස්ට් එක නිමකරනවා කියවපු ඔයාලට බොහොම ස්තුතියි.ඊලඟ පෝස්ට් එකෙන් අපි පාඩම් මාලාව පටන් ගමු !
wede nam niyamai
ReplyDeleteෂා... මරැ අහ.. E-Mail එක හම්බ උනා... පට්ට... දිගටම ලියන්න
ReplyDeleteඅප්පා ලොකු දෙයක්.මට බ්ලොග් එක බලන කස්ටිය නැතුව එපා වෙලා හිටියෙ.
Deleteසිරා!! මේකේ Follow option එක දැම්මනං හොඳයි! ලේසියෙන් අපිට ලිපි කියවන්න පුළුවනි එතකොට!
ReplyDeleteහරි දාන්නම්....
Deletehttp://chutibabageblog.blogspot.com/ ඔය තියෙන්නේ මගේ බ්ලොග් එක එකටත් බලල කොම්මෙන්ට් කලන්න මාමේ මේ ගේම් හදන වැඩේ මලු මම මේක මේ දැනුත් යාළුවන්ට කියන ගමන්
ReplyDeleteනියමයි.. මමත් හදල කියෙන game develop කරන හැටි ගැන පොඩි ලිපි ටිකක් ලිව්වා. වෙලාවක් තියෙන වෙලාවක බලන්නකො ඈ..
ReplyDeletehttp://techtrickslanka.blogspot.com
ela bn ela......
ReplyDeletepahara blog eka
tanx aaa
ReplyDelete