LEVEL DESIGNING |
ගේම් එකක් හැදීමෙදි තියෙන වැදගත්ම කොටසක් තමයි Level Designing කියන්නෙ.ගොඩක් ගේම් වල තාත්වික බව රැඳිල තියෙන්නෙ මේ ලෙවල් ඩිසයිනින්ග් මත තමයි.මොකද ක්‍රීඩකයින් දකින්නෙ මේකනෙ.
ඉතින් මේ පාඩම FPSC විතරක් නෙවෙයි,අනිත් ගේම් වලටත් වැදගත් වෙනවා. පරිසරය නිර්මාණය,ක්‍රීඩකයාට කිරීමට තියෙන දේ (objectives),හමුවන චරිත වගේ ගොඩක් දේවල් නිර්මාණය කිරීම මේකට අයිතියි.
මම දැකල තියෙන FPS creator වලින් හදපු හොඳම ලෙවල් ඩිසයිනින් තියෙන ගේම් එක තමයි Alpha Project කියන ගේම් එක.
ඉස්සෙල්ලම අපි හදන්න යන ගේම් එකට හොඳ කතාවක් හදාගන්න ඕන.
උදාහරණෙකට මෙහෙම ගමුකෝ...
"ඔන්න සිංහරාජ වනාන්තරේ රහස් පරීක්සන කරන විද්‍යාගාරයක් තියෙනව.දවසක් එක පරීක්සනයක් වැරදිල අනතුරුදායක වෛරස් එකක් හැදෙනව.ඉතින් පරීක්සනාගරේ ඉන්න ගොඩක් දෙනෙක්ට මේක හැදිල ඒගොල්ලො විකෘති මිනිස්සු (zombies) බවට පත් වෙනව.මේක දැන් ලංකාවටම පැතිරෙන්න පුලුවන් !
ඔන්න ගේම් එකේ වීරය,ප්‍රධාන චරිතෙ තමයි සිරිපාල.මිනිහ මේ ආයතනේ ආරක්ෂක නිලධාරියෙක්!."
ඕං අපේ ගේම් එකේ කෙටි කතාව.දැන් ඉතින් මේක ගේම් එකක්නෙ, ඉතින් ඒකෙ කරන්න දෙයක් තියෙන්න එපායැ. ඉතින් දැන් සිරිපාලට තියෙන්නෙ පරීක්සනාගාරෙ පුපුරවල ඉතුරුවෙලා ඉන්න කස්ටිය ටිකත් එක්ක එතනින් පැනල යන එක.ඉතින් මේ ගේම් එකේ බැලුවහම objectives දෙකක් තියෙනවනෙ.
1) වයිරස් එක හැදුනෙ නැති කට්ටියව බේරගන්න එක.
2)පරීක්සනාගාරෙ පුපුරවන එක.
Objctives |
දැන් අපි මේ objctives දෙකට ගැලපෙන්න ගේම් එක ඩිසයින් කරන්න ඕන.මේ දෙක කරාම ගේම් එකෙන් දිනන්නත් ඕන.දැන් අපි මෙහෙම මේ objctives සපුරාගන්න විදිය බලමුකො.
1) වයිරස් එක හැදුනෙ නැති කට්ටියව බේරගන්න එක - බේරුනු කස්ටියට යන්න පුලුවන් විදියට Emergency Exit එකේ දොර ඇරීම.
2)පරීක්සනාගාරෙ පුපුරවන එක - පරික්සනාගාරෙ තියෙන බෝම්බයේ සුවිච් එක හොයාගෙන ඒක ඔන් කිරීම.
අනික මේ අතරෙ අපිව කන්න බලාගෙන ඉන්න Zombiesලා ගෙන් බේරී සිටීම.( උන්ට හොරා අපේ වැඩේ කරගැනීම හෝ උන්ට වෙඩි තැබීම ).
හරි, කතාව ගානට ආවද ? හිහ්....
දැන් අපි බලමු මේ ලෙවල් එකට ඕන වෙන දේවල් ( අවශ්‍ය ද්‍රව්‍ය... )
අපි මෙතනදි ආරම්භක පාඩමක් නිසා FPSC සමගම ලැබෙන(stock media) Objects,characters භාවිතා කරමු !
1)විද්‍යාගාර ගොඩනැගිල්ලක් - FPS creator වල මේකට ගැලපෙන ලැබ් දෙකක් තියෙනව.
Library එකේ prefabs වල add new prefab ගියාම දැකගන්න පුලුවන්.
![]() |
ගේම් එක තුලදී... |
මේ දෙකට අමතරව එතනම තියෙන තව Armoury හා Cellur වගේ prefab නුත් මේකට යොදාගන්න පුලුවන්.
2)Zombiesලා කිහිපදෙනෙක්. - FPSC වල ඉන්නව මේකට නියමෙට ගැලපෙන එවුන් ටිකක් (entities > scifi > characters > zombies )
![]() |
ගේම් එක තුලදී... |
3)සාමාන්‍ය කට්ටිය 4-5ක් (විද්‍යාගාරයේ ඉතුරුවෙලා ඉන්න කිහිපදෙනාට ) -
මේ තමයි අපිට බේරගන්න තියෙන කට්ටිය.මේ කස්ටිය ඉන්නෙ Entities > scifi > characters > වල Aiko(unarmed) හා ColonelX(unarmed)
![]() |
ගේම් එක තුලදී... |
4) Emergency Exit එකේ දොර - මේකට ගැලපෙන දොරක් තියෙනව segments>scifi>scenery> වල.
එකක් නෙමෙයි ගොඩක්. තියෙනවා.
![]() |
ගේම් එක තුලදී... |
![]() |
ගේම් එක තුලදී... |
6)ආරක්සා වීමට තුවක්කුවක් ! - මේවත් ගොඩක් තියෙනව.
8)කතාවට ගැලපෙන වීඩියෝ ටිකක්. (කැමතිනම් පමණක් )
ඉතින් ඔන්න අපේ ගේම් එක හදන එකේ තව පියවරක් ඉවරයි ! ඊලඟ පෝස්ට් එකේ අපි මේවා එකට එකතුකරල ගේම් එකේ ලෙවල් ඩිසයිනින් කොටස ඉවර කරමු.
ඔක්කොටම ආයුබෝවන් !
අහ..පස්ට... මමත් හදනවා මගේම කියලා game එකක්... වැඩේ නැගල ගියොත් බැරිය EA වගේ කරලා ගන්න...
ReplyDeleteනැතුව නැතුව ....
ReplyDelete- --Seeker Interactive-- -
hello man me fps creator eka 4veni parata baganne ubava vishvasa karala... meka thma ithn program nokara sarthakava karaganna thiyena ekama bhaande... pissune maath gaththa kalenam athi venna fps game haduva ayeth balanna oni......... balannako mage blog eka http://www.sadeepa01.blogspot.com/ bye
ReplyDeleteලොක්කා. ගෝ ඇන් ගෝ. ඉක්මනට හදමු... ඒත් මගේ වැඩි ආසාව 4න් වල ගේම් වලට,
ReplyDeleteඒක නෙවේ මන් මේ සොෆ්ට් එක ඩව්න් කරන්න හැදුවා. ටොරන්ට් එක නෑනෙ? එරර් එකක් තමා එනවා.
මන් ෆලෝ පාරකුත් දැම්මා. මේක දිගටම ලියන්න. එතකොට තමා කස්ටිය එන්නෙ. මේකෙන් හදන ගේම් වලට සිංහල අකුරෙන්ම ඩීටේල්ස්, නේම්ස් හෙම දාන්න පුලුවන්ද? සෙටප් ෆයිල් හදන්න පුලුවන්ද? (යාලුවන්ටත් බෙදල දෙන්න එපැයි?) 4න් වලට හදන්න බැරිද?
අඩේ මේ කොමන්ට් වෙරිෆිකේශන් මගුල අයින් කොරන්න. නැත්නම් එන උන් කොමන්ට් කරන්නෙ නෑ.